Sri Lanka Cricket- මතකයන් දිගේ

1 බ්ලියන් පරදා 20 මිලියන් ජයගනීද???????(ICC Cricket World Cup 2011 Final)



ඔන්න ඉතින් අද තමයි තව අවුරුදු 4කට ක්‍රිකට් ලෝක සූරයන් තෝරන දවස.පිට පිට සිව්වතාවක් ලෝක කුසලාන අවසන් මහ තරග වලට පැමිනි පිට පිට තුන්වතාවක් ලෝක සුරතාවය හිමිකරගෙන සිටි කැන්ගරුවන්ට අර්ධ අවසන් පුර්ව වටයෙන් ඉවත් වීමට සිදුවීම.තරගාවලියේ සමබරම කන්ඩායම වු දකුනු අප්‍රිකාව අර්ධ අවසන් පුර්ව වටයේදී නවසීලන්තය හමුවේ පරජය වීම.කවුරුත් බලාපොරොත්තු නොවු ලෙස පකිස්තනය සහ නවසිලන්තය අවසන් පූර්ව වටයට පිවිසීම ආදිය නිසා ලෝක කුසලාන ඉතිහාසයේ තරගකාරීම තරගාවලිය ලෙස මෙය  හදුන්වන්න පුලුවන්.කොහොමහරි දැන් ඉන්දියාවයි ලංකාවයි අවසන් මහ තරගයට සුදුසුකම් ලබා තියෙනවා.කවුරු දිනයිද?????.හරි එහෙනම් පටන්ගමු අවසන් තරගය ගැන මගේ විග්‍රහය.


ලංකාවේ කන්ඩායම පලමු වටයේදී පාකිස්තනය හමුවේ පරාජය ලැබුවා.කැන්ගරුවන් සමග පැවති තරගයට වර්සාවෙන් බාදා පැමිනි නිසා දෙපිලටම සම ලකුනු පැමිනියා.ඉතිරි සියලු තරග ජයගෙන ඒ කාන්ඩයේ දෙවනියා ලෙස පලමු වටය නිමකලා.එංගලන්ත කන්ඩායම සහ නවසීලන්ත කන්ඩායම  පරාජය කරමින් අවසන් මහ තරගයට සුදුසුකම් ලැබුවා.


ඉන්දියන් කන්ඩායම පලමු වටයේ සහභාගිවු තරගවලින් දකුනු අප්‍රිකාව හමුවේ පරාජය ලැබුවා.එංගලන්තය සමග තරගය යන්තම් ලකුනු සම කරගත්තා.ඉතිරි තරග ජයගෙන බී කාන්ඩයේ දෙවනියා ලෙස පලමු වටය නිමකලා.සුපිරි කැන්ගරුවන්ව අර්ධ අවසන් පුර්ව වටයේදී පරජය කරදැමු ඉන්දියාව අවසන් පුර්ව වටයෙදී පකිස්තනය ලකුනු 29කින් පරදා අවසන් මහ තරගයට සුදුසුකම් ලැබුවා.හරි දැන් බලමු දෙපිලේ  දක්ශතා සහ දුර්වලතා මොනවද කියලා.ඉන්දියන් පිලේ ශක්තිමත්ම අංශය තමයි පිතිකරන අංශය.ඉන්දියන් පිල ගත්තහම සචින් තෙන්ඩුල්කාර් සිට සුරේශ් රයිනා දක්වාම සියලු පිතිකරුවන් ලකුනු අතර සිටිනවා(දෝනි හැර).නමුත් මැදපෙලේ පිතිකරුවන්ගෙන් අවස්තවට අනුව ක්‍රීඩා කරන්නේ යුවරාජ් සිං සහ රයිනා විතරයි.ගම්බිර් අවසයම අවස්තාවල හොදින් ක්‍රීඩා නොකිරීමත් නායකයා ලකුනු අතර නොසිටීමත් ඔවුන්ට ගැටලුවක්.ඔවුන්ගේ පන්දු යැවීමේ අංශය ගත්තාහම සම්පුර්න බරකරට ගෙන ක්‍රීඩා කරන්නේ සහීර් කාන්. නමුත් නොසිතු ලෙස යුවරාජ් සිං පන්දු යවන්නෙක් ලෙස සාර්තක වීමත් අවසන් තරග දෙකේදී හර්බජන් සිං පන්දුයවන්නෙකු ලෙස සාර්තක වීමත් ඉන්දියාවට අස්වැසිල්ලක් වෙනවා.කාලයක් ඉන්දියාව තරග පරාජය වුනේ දුර්වල පන්දු රැකීම නිසා නමුත් කොලී,රයිනා වැනි පන්දු රකින්නන් නිසා ලෝක කුසලාන තරගාවලියේ ඉන්දියන් පිලේ පන්දු රැකීම යම් මට්ටමක තියෙනවා.ශ්‍රීලංකා කන්ඩායමේ පිතිකරන අංශය සම්පූර්නයෙන්ම රදා පවතින්නේ උපුල්,දිල්ශාන්,සංගා සහ මහේල මත.මහේල අවසයම අවස්තාවල දැවීයාමත්,සමරවීර,සිල්වා අසාර්තක වීමත්,මැතිව්ස් ආබාධයකට ලක්වීමත් ශ්‍රීලංකා කන්ඩායමට ප්‍රශ්නයක්.තරගාවලියේ ශක්තිමත්ම පන්දු බලඈනියක්සහිත ශ්‍රීලංකා කන්ඩායමේ සියලු පන්දු යවන්නන් කඩුලු අතර සිටිනවා. නමුත් මුරලි සම්පුර්නයෙන්ම සුවවී නොසිටීම ශ්‍රීලන්කාවට ප්‍රශ්නයක්. අජන්ත මෙන්ඩිස්ට ඉන්දියාව හොදින් පහරදෙන නිසා බොහෝ දුරට කුලසේකරව යොදා ගනු ඇති.මැත්ව්ස් වෙනුවට ඉන්දියාවට එරෙහිව හොදින් ක්‍රීඩා කරන සුරජ්ව බොහෝ දුරට අවසන් තරගයට යොද ගනු ඇති.රංගන වෙනුවට තිසරව යොදන්නත් බොහෝ දුරට ඉඩ තියෙනවා.පොදුවේ ගත්තහම පිතිකරනයෙන් ඉන්දියාව යම්තාක් දුරට ඉදිරියෙන් සිටිනවා.නමුත් පන්දු යැවීමෙන් ශ්‍රීලංකාව සැහෙන ඉදිරියෙන් සිටිනවා.නමුත් මේ ලෝක කුසලානයේ තරග ජයග්‍රහනය කරල තියෙන්නේ පන්දු රැකීමෙන්.දකුනු අප්‍රිකාව ඉන්දියාව පරජයකලෙත්,නවසීලන්තය දකුනු අප්‍රිකාව පරජයකලෙත්,ඉන්දියාව පකිස්තනය පරජයකලෙත් පන්දු රැකීමෙන් එමනිසා මෙම තරගයේ තීරනාත්මක සාධකය බොහෝ දුරට පන්දු රැකීම.අජන්ත වෙනුවට නුවනුත්,මැතිව්ස් වෙනුවට සුරාජුත්,රන්ගන වෙනුවට තිසරත් කන්ඩායමට පැමිනියහොත් අනිවාර්යෙන්ම පන්දු රැකීමෙන් ශ්‍රීලංකාව ඉදිරියෙන් සිටිනවා විතරක් නෙමෙයි තරගයේ වැඩිවාසි ශ්‍රීලංකාවට හිමිවෙනවා.ඒ කියන්නේ1 බ්ලියන් පරදා 20 මිලියන්ජයගන්නවා????.කොහොම වුනත් අපි දින්නත් පැරදුනත් කප් එක ආසියාවේ.ඔයගොල්ලන්ගේ අදහස් කමෙන්ට් එකකින් දාලා යන්න.


ඕනම video එකක් බලන්න මෙන්න Player එක (MpcStar 5.0)



ඔන්න මම අද කට්ට්යට ගෙනාවේ maxaa video player එකක්.මේකේ නම තමයි MpcStar .මේකත් VLC Player,GOM Player වගේ open sourse  මාදිලියේ මෘදුකාංගයක්.ඇත්තටම video playersවල ආදිපත්ය රදවාගෙන සිටින්නෙත් open sourse  මාදිලියේ මෘදුකාංගම තමා.මොකද VLC,GOM,KMP,FLVවගේ ඔක්කොම ඒවා open sourse මෘදුකාංග.හරි හරි දැන් මාතෘකාව ගැන කතා කරමුකෝ.මේ video player එකේ.avi,.mpg,.mkv,.mpeg,.wmv,.asf..rmvb,.mp4,.pmp,.3gp,.flv,
.swf වගේ ඕනම video file එකක් play වෙනවා.මේ player එක  ඉතාම පහසුවෙන් පාවිච්චි කල හැකිවීමත් විශේශයි. MpcStarවල සිංහල උපසිරසත් එලටම වැඩ.ඇත්තටම මේක video player එකක් කිව්වට වෙනම audio player  එකකුත් දෙනවා.බලන්නකෝ video player  එකෙයි audio player එකෙයි screenshot. 

 ආ කියන්න බැරිවුනානේ ද්විත්ව උපසිරසටත් සහය දෙනවා.

තව මේකෙන් video convert කරන්නත් පුලුවන්.මම නම් කියන්නේ
VLC දැන් අරන් තියෙන තැන ඉදිරියෙදී MpcStar ගනී කියලා.







Google Chrome Extensions 2

මම හිතනවා මම මීට කලින්  Chrome Exnstension ගැන දාපු ලිපියෙන් කට්ට්ය ප්‍රයෝජනයක් ගන්න ඇති කියලා.මොකද ඕනම web browser එකකින් හරියට ප්‍රයෝජන ගන්න නම් Add on සහ Extension භාවිතා කරන්න ඕනේ.ඔන්න තවත් ඔබට වැදගත් වන Chrome  Extensions ටිකක්

Torrent Turbo Search(Find every torrent on the planet in 1 second! Results are from The Pirate Bay, Kickasstorrents, Isohunt, Fenopy,... and now with additional direct download search engine for sites like rapidshare, hotfile, 4shared, depositfiles,..)
මේක නම් ඉතාම වැදගත් extension එකක්.මොකද අපි හුගක් films,software download කරන්නේ ටොරන්ට් වලින්නේ.ඉතින් මේ extension එකෙන් අපිට පුලුවන් download කිරීමට අවශය film එක හරි software  එක හරි torrent search engine වල search කරන්න.Pirate Bay.Kickastorrents,Isohunt... වගේම raphiedshare,hotfile,4shared වැනි file shearing site වලත් search   කරන්න මෙමගින් පහසුකම සලසා තියෙනවා.
මෙතනින් බාගන්න

Chrome Pig(Google mail checker, Mouse gestures, Allow right click and select text and image, Dictionary search, Open URL in IE browser, Screenshot webpage, Change desktop wallpaper, Fill login form, Youtube lyrics search and repeat play, Change webpage style and block flash/image, Translate webpage, Docs viewer.)
all in one
මේකත් all in one වර්ගයේ extension එකක්.මෙය මගින් gmail check කිරීමට, වෙනත් භාශා වලින් ඇති web page english වලට පරිවර්තනය කර ගැනීමට,web page වල screenshot  ගැනීමට වගේ තවත්  හුගක් දේවල් කරන්න පුලුවන්.
මෙතනින් බාගන්න

Google Dictionary
තවත් ඔබට අවශයවන extension එකක් ඔබ අන්තර්ජාලය භාවිතාකරනවිට ඔබ තේරුම නොදන්නා ඉංග්‍රීසි වචන හමුවෙනවා.එවන් අවස්තාවලට ප්‍රයෝජනවත් extension එකක් තමයි මේක
ඔබට තේරුම අවශය වචනය doubble click කලවිට තේරුම පෙන්වනවා.

මෙතනින් බාගන්න

ProxyTube(Watch all Youtube videos in every country)
දන්නවනේ සමහර Youtube වීඩියෝ ලංකාවේ ඉදලා නරඹන්න බැ කියලා ඒකට විවිධ හේතු බලපාන්න පුලුවන්.හැබෑයි ඕගොල්ලෝ මේ Chrome  Extension එක දාගත්තට පස්සේ ඕනැම Youtube වීඩියෝ එකක් බලන්න පුලුවන්.
මෙතනින් බාගන්න

Yoono
Yoono මේ නම firefox  පාවිච්ච් කරන අය නම් හොදට දන්නව ඇති.මොකද firefox වලට තියෙන ජනප්‍රියම addon වලින් එකක් මේ නමින්ම තියෙනවා..මේ තියෙනේ එහි Chrome  Extension එක .මේකෙන් අපිට පුලුවන් Twitter, Facebook, Foursquare, LinkedIn, YouTube, Flickr, GoogleBuzz, Yammer, Friendfeed, MySpace....වගේ ඕනැම site එකකට එකවර log වෙන්න .Yoono වල features ටික කඩ්ඩෙන්ම කියවන්නකෝ
* View your updates from all your social networks in one place
*  Update status, comment, like, @reply, send Direct Messages, Retweet, etc. all without visiting each website!
*  View your Facebook Inbox & Notifications, Twitter mentions, DMs, Lists, Saved Searches, YouTube Subscriptions, Playlists and much more!
*  Support for multiple account set up for Twitter, Facebook, Foursquare, GoogleBuzz, MySpace, and more.
*  Create unlimited columns to view a dashboard of update streams from your favorite services
*  Displays in pop out sidebar window mode or switch to in-tab mode depending on your preference.  Note: for users of our Firefox add-on Chrome does not yet support a standard sidebar - once they do, we will offer that mode as well!

* Share feature lets you easily share the page you're viewing or individual elements of the page such as an image, video, or text

*  Groups - you can create Yoono groups and add users from any service (Facebook, Twitter, LinkedIn, etc.) to your group, then filter your stream by group. 

*  Upload pics to Facebook, Twitter

මෙතනින් බාගන්න.


Google Chrome Extensions 1

ලංකාවේ හුගක් දෙනෙක් දැන් දැන් firefox  වලින් chrome වලට මරුවෙනවන්.නමුත් කට්ටියක් කියනවා chrome වලට වඩා firefox   හොදයි කියලා ඒකට හේතුව firefox වලට  තරම් add-on සහ extensions chrome වලට නැතිවීම.ඒක ඇත්ත නමුත් දැන්chrome වලටත් හොද extensions හැදිලා තියෙනවා.මම හිතනවා  firefox    අබිබවා යමට ඉදිරියේදී chrome  සමත්වෙයි කියලා.ඔන්න ඔබට වැදගත් වන Chrome exnstension ටිකක්.

AddThis(  Share, translate, bookmark, print, and more; supports over 300 services with custom personalization)
අපිට අවසය webpage,photo ආදිය පහසුවෙන් facebook,blogger,twitter වැනි site වල share කරගත හැකිය.
මෙතනින් බාගන්න

Singreesi ( to Sinhala transliterator)
මේක බ්ලොග් ලියන කට්ටියට එහෙම හුගක් වැදගත් වන extension එකක්.මෙහි Singlish වලින් type කලවිට සිංහල වචන ලැබේ.


මෙතනින් බාගන්න

Webpage Screenshot (Fast&Simple solution to Save & Share & Print & Edit screenshots of any webpage. Capture to PNG/JPG drawing tools, and sharing features)
බොහෝ විට අපට web page වල screenshot  ලබාගැනීමට අවසය වේ.මෙම extension එක මගින් එය පහසුවෙන් කරගත හැකිය.




මෙතනින් බාගන්න

BitDefender Quickscan  (Scans your computer for active malware)
ඔබේ පරිගනකයේ ඇති malware,spyware සහ virus මෙම exnstension එක මගින් හදුනාගනී



මෙතනින් බාගන්න

ESPN Cricinfo (Shows you the latest cricket news, features and live scores from ESPNcricinfo.com)
ක්‍රිකට් තරගවල නවතම විස්තර සියල්ල එසැනින් ලබදෙන exnstension එකකි.
මෙය  ESPNcricinfo.com වෙබ් අඩවිය මගින් නොමිලේ ලබාදේ.


මෙතනින් බාගන්න

WOT  (Web of Trust is a safe browsing tool, which warns you about risky sites that cheat customers, deliver malware or send spam)
අන්තර්ජාලය පාවිච්චිකරනවිට අපට විවිධ වෙබ් අඩවි වලට යාමට සිදු වේ. සමහර වෙබ් අඩවි පරිගනකයට හානිදායකය. එවන් වෙබ් අඩවි හදුනා ගැනීමට මෙම exnstension එක මගින් හැකිවේ.


මෙතනින් බාගන්න

AdBlock (The most popular Chrome exnstension  , with over 2 million users! Blocks ads all over the web)
සමහර වෙබ් අඩවිවල  දැන්වීම් වැඩි නිසා ලෝඩ් වීමට තරමක් වෙලා ගතවේ. මෙම exnstension එක මගින් වෙබ් අඩව්වල දැන්වීම් block කරයි



මෙතනින් බාගන්න
මගේ පොස්ට් එක ප්‍රයෝජනවත් උනා නම් කමෙන්ට් එකක් දාන්න.එහෙනම් අපි ගියා.

අන්ත්ර්ජාලය පහසු කරවන වෙබ් අඩවි

www.bugmenot.com(Fake Id  වලින්ම ලොග් වෙමු)
අපිට අන්තර්ජාලය පාවිච්චි කරනකොට විවිධ වෙබ් අඩවි වලට ලොග් වීමට සිදුවෙනවා. මේවගේ වෙලවට අපිට හැම සයිට් එකටම එකවුන්ට් හද හද ඉන්න ඕනේ නෑ. මේ සයිට් එකට ගිහිල්ලා ලොග් වෙන්න ඕන
සයිට් එකේ නම ටයිප් කරපු ගමන් fake id සහ password ලබදෙනවා. ඒවා බාවිතා කරලා අපිට සයිට් එකට ලොග් වෙන්න පුලුවන්. මේකේ හැබැයි හැම සයිට් එකකම user name, password නැහැ.You Tube,MEGAUPLOAD,Metacafe,Scribd,IDMB,Ziddu වගේ  සයිට් දහස්ගානක පාස්වර්ඩ් තියෙනවා.fb,twiter,paypal,gmail,alertpay,ymail වගේ  සයිට් වල පාස්වර්ඩ්  නම් නෑ.ඒ වුනාට හුගක් වෑදගත් වන සයිට් එකක්.කෑමති නම් ට්‍රයි කරලා බලන්න.
www.bugmenot.com

http://keepvid.com(software නෑතුව youtube විඩියො බාමු)
දන්නවනෙ youtube,Metacafe වගේ වෙබ් අඩවි වලින් විඩියො බලනකොට කන්න වෙන කට්ට. ඉතින් අපේ කට්ට්ය youtube,Metacafe වගේ වෙබ් අඩවි වලින් විඩියො බලන්නෙ download කරගෙනනේ. මේකට ඉතින් එක එක  software තියෙනවා. අපිට මේ සයිට් එකෙන් පුලුවන් කිසිම   software එකක් නැතිව විඩියො  download කරන්න. කරන්න ඕනේ විඩියො එකේ url එක මෙතන ටයිප් කරන එක විතරයි. ඊට පස්සේ බාගන්න. හැබැයි ඕගොල්ලන්ගේ පරිගණකයේ ජාවා නැත්තම් ඉන්ස්ටෝල් කරගන්නවෙයි.
http://keepvid.com/

http://fotoflexer.com (onlineම photo edit කරමු)
අන්තර්ජාලය පාවිච්ච් කරනකොට අපිට ඉතාම වැදගත් වන සයිට් එකක් තමයි මේක. අපිට කිව්වේ photoshop දන්නැති අයට. මේ සයිට් එකෙන් photo edit කරන්න හරිම පහසුයි. කරන්න තියෙන්නේ
photo එක upload  කරලා ඔබට කැමති වෙනස්කම් කරලා සේව් කරන්න විතරයි. පොඩ්ඩක් උත්සහ
කරල බලන්න. මේ සයිට් එකෙන් facebook, twitter වගේ සයිට් වල පොටෝ edit කරන්නත් පුලුවන්. 
http://fotoflexer.com/ 
මේ තියෙන්නේ මම එඩ්ට් කරපු පොටෝ එකක්                 සෑබෑ රූපය


 මගේ fb fanpage එකට එකතුවෙන්න. බ්ලොග් එක හොද නම් follow කරන්න. එහෙනම් අපි ගියා.











edit කල රූපය




Tom Yum Goong Starring Tony Jaa ((Hindiත් නෙමෙයි,Englishත් නෙමෙයි,Tamilත් නෙමෙයි but මැක්සා 2)

දන්නවනෙ මම Hollywood,Bolliwood,Koliwood film දෙන් නැ. කියලා. ඒවා හැමොම දෙනවනේ එකයි. මම දුන්න පලවෙනි  film එකත් කට්ටිය හුගක් බලලා තිබුනා. ඒත් කමෙන්ට් නම් දෙකයි. කමක් නෑ. ඔන්න මම අද දෙන්න යන්නෙ මැක්සා තායි film එකක්. මම බලපු හොදම action film එක.
මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිතය රගපන්නේ tony jaa. tony jaa තමයි තායි   ක්‍රියාදාම චිත්‍රපට් ලෝක ප්‍රසිද්ධ කලේ. මොහුගේ තියෙන්නේ වෙනස්ම ආරක සටන් ක්‍රමයක්. ඒකට කියන්නේ මුවේ තායි කියලා.
මම හිතනවා  කට්ට්ය මොහුගේ ong bak ෆිල්ම් තුනම බලලා ඇති කියලා. බලලා නැත්තම් මෙතනින් බලන්න. ආ තව දෙයක් මෙයා තමයි ලෝකෙ ඉන්න තාත්විකම සටන් නලුවා. අද මම දෙන ෆිල්ම් එකත් බලලම කියන්න මම කියන්නේ බොරුද කියලා. මේ  ෆිල්ම් එකට  Tom Yum Goong නැත්තම් the protecter කියලත් කියනවා.
 මේ ෆිල්ම් එකේ කතාව පොඩ්ඩ්ක් කියනවනම්
කාම් කියන්නේ තායි රජවරුන්ගේ යුධ ඇතුන්
 ආරක්ෂාකරන පවුලක  ඉපදුන තරුනයෙක්.
 ඔවුන්ට පරම්පරවෙන්ම උරුම  රාජකරිය තමයි
රජුගේ යුධ ඇතුන් සතුරන් ගෙන් ආරක්ෂා කිරිම.
ඔහු ඔහුග් පියා සමග Songkran උත්සවයට යන අවස්තවේදි ඔවුන්ට අයත් ඇතුන්  කිසියම් පිරිසක් විසින් පැහරගන්නවා. මේ අවස්තාවේදි කාම්ගේ පියා මියයනවා. කෙසේ හෝ යුද ඇතුන් නැවත සොයා ගැනීමට අදිටන් කරගන්නා
කාම්ට ආරන්ච් වෙනවා පැහැරගත් පිරිස sydni නගරයට ගොස් ඇතිබව
ඔවුන් සොයා  sydni යන කාම්ට නොසිතන ගැටලු වලට මුහුන දීමට සිදුවෙනවා. යුධ ඇතුන් පැහැරගත් පිරිසෙන් උන් බේරාගැනීමට කාම් ට හැකිවෙයිද කියලා බලන්න නම් මේ ෆිල්ම් එක බලන්නම වෙනවා සුපිරි සටන් ජවනිකා රැගත් මේ ෆිල්ම් එක IDMB හි 6.9 ක් ලබා ගැනීමට සමත් වී තියෙනවා. මෙතනින් ෆිල්ම් එක බාගන්න.
663 MB 
ෆිල්ම් එක බලලා හොදයි නම් කමෙන්ට් එකක් දාන්න.