1 බ්ලියන් පරදා 20 මිලියන් ජයගනීද???????(ICC Cricket World Cup 2011 Final)



ඔන්න ඉතින් අද තමයි තව අවුරුදු 4කට ක්‍රිකට් ලෝක සූරයන් තෝරන දවස.පිට පිට සිව්වතාවක් ලෝක කුසලාන අවසන් මහ තරග වලට පැමිනි පිට පිට තුන්වතාවක් ලෝක සුරතාවය හිමිකරගෙන සිටි කැන්ගරුවන්ට අර්ධ අවසන් පුර්ව වටයෙන් ඉවත් වීමට සිදුවීම.තරගාවලියේ සමබරම කන්ඩායම වු දකුනු අප්‍රිකාව අර්ධ අවසන් පුර්ව වටයේදී නවසීලන්තය හමුවේ පරජය වීම.කවුරුත් බලාපොරොත්තු නොවු ලෙස පකිස්තනය සහ නවසිලන්තය අවසන් පූර්ව වටයට පිවිසීම ආදිය නිසා ලෝක කුසලාන ඉතිහාසයේ තරගකාරීම තරගාවලිය ලෙස මෙය  හදුන්වන්න පුලුවන්.කොහොමහරි දැන් ඉන්දියාවයි ලංකාවයි අවසන් මහ තරගයට සුදුසුකම් ලබා තියෙනවා.කවුරු දිනයිද?????.හරි එහෙනම් පටන්ගමු අවසන් තරගය ගැන මගේ විග්‍රහය.


ලංකාවේ කන්ඩායම පලමු වටයේදී පාකිස්තනය හමුවේ පරාජය ලැබුවා.කැන්ගරුවන් සමග පැවති තරගයට වර්සාවෙන් බාදා පැමිනි නිසා දෙපිලටම සම ලකුනු පැමිනියා.ඉතිරි සියලු තරග ජයගෙන ඒ කාන්ඩයේ දෙවනියා ලෙස පලමු වටය නිමකලා.එංගලන්ත කන්ඩායම සහ නවසීලන්ත කන්ඩායම  පරාජය කරමින් අවසන් මහ තරගයට සුදුසුකම් ලැබුවා.


ඉන්දියන් කන්ඩායම පලමු වටයේ සහභාගිවු තරගවලින් දකුනු අප්‍රිකාව හමුවේ පරාජය ලැබුවා.එංගලන්තය සමග තරගය යන්තම් ලකුනු සම කරගත්තා.ඉතිරි තරග ජයගෙන බී කාන්ඩයේ දෙවනියා ලෙස පලමු වටය නිමකලා.සුපිරි කැන්ගරුවන්ව අර්ධ අවසන් පුර්ව වටයේදී පරජය කරදැමු ඉන්දියාව අවසන් පුර්ව වටයෙදී පකිස්තනය ලකුනු 29කින් පරදා අවසන් මහ තරගයට සුදුසුකම් ලැබුවා.හරි දැන් බලමු දෙපිලේ  දක්ශතා සහ දුර්වලතා මොනවද කියලා.ඉන්දියන් පිලේ ශක්තිමත්ම අංශය තමයි පිතිකරන අංශය.ඉන්දියන් පිල ගත්තහම සචින් තෙන්ඩුල්කාර් සිට සුරේශ් රයිනා දක්වාම සියලු පිතිකරුවන් ලකුනු අතර සිටිනවා(දෝනි හැර).නමුත් මැදපෙලේ පිතිකරුවන්ගෙන් අවස්තවට අනුව ක්‍රීඩා කරන්නේ යුවරාජ් සිං සහ රයිනා විතරයි.ගම්බිර් අවසයම අවස්තාවල හොදින් ක්‍රීඩා නොකිරීමත් නායකයා ලකුනු අතර නොසිටීමත් ඔවුන්ට ගැටලුවක්.ඔවුන්ගේ පන්දු යැවීමේ අංශය ගත්තාහම සම්පුර්න බරකරට ගෙන ක්‍රීඩා කරන්නේ සහීර් කාන්. නමුත් නොසිතු ලෙස යුවරාජ් සිං පන්දු යවන්නෙක් ලෙස සාර්තක වීමත් අවසන් තරග දෙකේදී හර්බජන් සිං පන්දුයවන්නෙකු ලෙස සාර්තක වීමත් ඉන්දියාවට අස්වැසිල්ලක් වෙනවා.කාලයක් ඉන්දියාව තරග පරාජය වුනේ දුර්වල පන්දු රැකීම නිසා නමුත් කොලී,රයිනා වැනි පන්දු රකින්නන් නිසා ලෝක කුසලාන තරගාවලියේ ඉන්දියන් පිලේ පන්දු රැකීම යම් මට්ටමක තියෙනවා.ශ්‍රීලංකා කන්ඩායමේ පිතිකරන අංශය සම්පූර්නයෙන්ම රදා පවතින්නේ උපුල්,දිල්ශාන්,සංගා සහ මහේල මත.මහේල අවසයම අවස්තාවල දැවීයාමත්,සමරවීර,සිල්වා අසාර්තක වීමත්,මැතිව්ස් ආබාධයකට ලක්වීමත් ශ්‍රීලංකා කන්ඩායමට ප්‍රශ්නයක්.තරගාවලියේ ශක්තිමත්ම පන්දු බලඈනියක්සහිත ශ්‍රීලංකා කන්ඩායමේ සියලු පන්දු යවන්නන් කඩුලු අතර සිටිනවා. නමුත් මුරලි සම්පුර්නයෙන්ම සුවවී නොසිටීම ශ්‍රීලන්කාවට ප්‍රශ්නයක්. අජන්ත මෙන්ඩිස්ට ඉන්දියාව හොදින් පහරදෙන නිසා බොහෝ දුරට කුලසේකරව යොදා ගනු ඇති.මැත්ව්ස් වෙනුවට ඉන්දියාවට එරෙහිව හොදින් ක්‍රීඩා කරන සුරජ්ව බොහෝ දුරට අවසන් තරගයට යොද ගනු ඇති.රංගන වෙනුවට තිසරව යොදන්නත් බොහෝ දුරට ඉඩ තියෙනවා.පොදුවේ ගත්තහම පිතිකරනයෙන් ඉන්දියාව යම්තාක් දුරට ඉදිරියෙන් සිටිනවා.නමුත් පන්දු යැවීමෙන් ශ්‍රීලංකාව සැහෙන ඉදිරියෙන් සිටිනවා.නමුත් මේ ලෝක කුසලානයේ තරග ජයග්‍රහනය කරල තියෙන්නේ පන්දු රැකීමෙන්.දකුනු අප්‍රිකාව ඉන්දියාව පරජයකලෙත්,නවසීලන්තය දකුනු අප්‍රිකාව පරජයකලෙත්,ඉන්දියාව පකිස්තනය පරජයකලෙත් පන්දු රැකීමෙන් එමනිසා මෙම තරගයේ තීරනාත්මක සාධකය බොහෝ දුරට පන්දු රැකීම.අජන්ත වෙනුවට නුවනුත්,මැතිව්ස් වෙනුවට සුරාජුත්,රන්ගන වෙනුවට තිසරත් කන්ඩායමට පැමිනියහොත් අනිවාර්යෙන්ම පන්දු රැකීමෙන් ශ්‍රීලංකාව ඉදිරියෙන් සිටිනවා විතරක් නෙමෙයි තරගයේ වැඩිවාසි ශ්‍රීලංකාවට හිමිවෙනවා.ඒ කියන්නේ1 බ්ලියන් පරදා 20 මිලියන්ජයගන්නවා????.කොහොම වුනත් අපි දින්නත් පැරදුනත් කප් එක ආසියාවේ.ඔයගොල්ලන්ගේ අදහස් කමෙන්ට් එකකින් දාලා යන්න.


0 comments:

Post a Comment